Saturday, June 11, 2011

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන නෟකාව...


මේ පින්තූරෙත් තියනව වගේ මේක තමයි ලෝකේ තියන ලොකුම භාණ්ඩ ප්‍රවාහන නෟකාව.. නම තමයි MAERSK LINE දැක්කාම සයිස් එක පේනවනේ...
මෙන්න විස්තරේ.......
මේ නැව ගුවන් යානා ගොඩබාන්න පුලුවන් නැව්, ඒ කිව්වේ Air Craft Carrier එකකටත් වඩා විශාලයි.. 


මේකට තමයි Air Craft Carrier කියල කියන්නේ....

MAERSK LINE නැවට එක පාර කන්ටේනර් 15 000 ක් අරන් යන්න පුලුවන්. අරන් යන්න පුලුවන් උපරිම බර ටොන් 123 200 යි. මෙච්චර වැඩ දැම්මත් මේකෙ ඉන්නේ 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විතරයි.

මේ යෝධ නැවට පැනමා ඇල, සුයිස් ඇල එහෙම තරනය කරන්නත් බෑ කියනවනේ... මේකෙ දිග මීටර් 396.85, පළල මීටර් 63.1.

උපරිම වේගය පැ.කි. 55.80.. ඩීසල් එන්ජිමක් තමයි තියෙන්නේ (සිලින්ඩර 14ක) . උපරිම බලය අශ්වබල 108 920 යි.. 

මෙන්න එන්ජින් කාමරය

මේකෙ පිශ්ටන් එකක විශ්කම්භය මීටර් 1යි.. කොහොමද සයිස් එක..







මේකෙ සයිස් එක ගැන තවත් කියනවනම් ක්‍රේන් 11 කට එක වර නැවත් සමග ගණු දෙනු කරන්න පුලුවන්..

 

මේ නැවේ මුල්ම ගමනට ඇ.ඩොලර් 145 000 000 ක්ම ගියා කියනවනේ. 


ඔන්න ඕකයි විස්තරේ... 

හිතන දේවල් පහලින් ලියලා.. ‍ෆලෝ නොකරපු කට්ටිය ෆලෝ පාරක් එහෙම දාන්නකෝ..



4 comments: