Tuesday, March 22, 2011

Knight XV - නයිට් වරයෙකුගේ ආගමනය..


ඇමරිකානු ඩොලර් 310,000 වන මෙම රථය දැනට ලොව ඇති වටිනාම SUV ගනයට අයත් රථයකි. මෙහි නිපදවීම සිදු වන්නේ 100% අතින් (Hand Made) වන අතර ඒ සඳහා පැය 1500 ගත වේ. මෙහි ඒකක සීමිත ගණනක් පමණ්ක් නිෂ්පාදනය කරනු ලබන අතර එය සංඛ්‍යාත්මකව ගත් කල ඒකක 100 තරම් වූ කුඩා ගණනකි.



ස්කන්ධය 5,896.07 kg පමන වන මෙම යකඩ රාක්ෂයා ගේ දිග මීටර් 6 කට මඳක් වැඩිය. 6.0 ලීටර් පෙට්‍රල් එන්ජිමකින් හෝ 6.8 ලීටර් ඩීසල් එන්ජිමකින් ලබාගත හැකි මෙහි, අදාල එන්ජින් පිළිවලින් අශ්ව බල 325 හා 300 කින් යුක්ත වේ. සම්පූර්ණයෙන්ම ඩිස්ක් බ්‍රේක් පදධතියකින් යුත් මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ද්විත්ව වායු සමීකරන පද්ධතියක්ද පිහිටා තිබීමය.

මෙහි උපරිම වේගය පැයට සැත්පුම් 62 කි. ආසන්න වශයෙන් පැ.කි. 100 කි. මෙහි සැබෑ ප්‍රමාණය අවබෝධ කර ගැනීමට පහත ඡායාරූපය ප්‍රමාණවත් යැයි සිතේ..



මේ පිළිබඳව ඔබත් උනන්දු නම් පහත වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබා ගන්න.

2 comments:

  1. පට්ට භාණ්ඩයක් නෙ ..........

    ReplyDelete
  2. නැත්තන්..

    මේ බ්ලොග් එකට පෝස් දාන්න ජොයින් වෙන්න කැමති අය ඉන්නවනම් කියන්න...

    ReplyDelete